අබිනික්මන පද්‍ය රසාස්වාදය ( සිරි ගුණසිංහ)
අබිනික්මන පද්‍ය පන්තියේ භාෂා භාවිතයෙහි ලා හා කාව්‍ය දෘෂ්ටියෙහි විශේෂතා පිළිබඳ අවධානය යොමු කොට රසාස්වාදයක් ලියන්න.
සිරි ගුණසිංහ නිසඳැස් පරපුරේ කැපීපෙනෙන කවියෙකි. ජී. බී සේනානායක ඇරඹි නිදහස් කාව්‍ය රීතිය නිසඳැස් යන බැවහාරින් ඉදිරියට ගෙන ගියේ සිරි ගුණසිංහ ය. සිරි ගුණසිංහ සූරීන්ගේ අබිනික්මන පැදි පෙළට වස්තු විෂය වන්නේ ගිහිගෙය හැරදමා ගිය බෝසතාණන්ගේ ව්‍යාකූල මානසික ස්වභාවයයි. සිරි ගුණසිංහයන්ගේ ආදීන කාව්‍යමය දෘෂ්ටිය හා චින්තනය කවරාකාර දැයි පැදි පෙළෙන් විවරණය වෙයි. වියා පුරාණෝත්තියට නැවුම් අර්ථකථනයක් එක් කරයි. බෝසතාණන් ගිහි ගෙය හැර යාම පිළිබඳ අප දන්නේ බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් වූවද සිරි ගුණසිංහයෝ සිද්ධාර්ථයන් අප ඉදිරියට කැඳවති. එය වනාහි අභියෝගාත්මක කාරණාවකි.
විමුක්තිය සොයා ගිහිගෙය හැර යාම වනාහී අලුත් මගකට ප්‍රවිෂ්ට වීමකි. සිද්ධාර්ථයන් තවම විමුක්තිය ලබා නැත. එසේ නම් ඔහුට ද ඒ පිළිබඳ විවිධ සැක සංකා පහළ වන්නට ඇත. දෙගිඩියාවක් පහළ වන්නට ඇත. එකී සංකීර්ණ මානසික ඝට්ටනය මැනවින් නිරූපණය කිරීමට කවියා භාෂාව පරිහරණය කොට ඇත. ධ්වනිථාර්තවත් භාෂාවක් භාවිතා කොට ඇති කවියා,
"අඳුරකින් අඳුරකට මාරු වුණ ගමනක් ය"
බෝසතාණන්ගේ අභිනිෂ්ක්‍රමණය කවියා කාව්‍යය ආරම්භයෙහිම අඳුරකින් අඳුරකට මාරු වූ ගමනක් ලෙස ප්‍රකාශ කරයි. මෙනයින් ධ්වනිත වන්නේ තමා සොයන ආලෝකය සත්‍යය තවම හිමි වී නැති බවත් ඒ පිළිබඳව ඇති සැකයත් වේ. එතනින් නොනවතින ගුණසිංහ සූරීහු,
"නේරංජනාවෙන්
යා යුතු ය එගොඩ වී
නේරංජනාවෙන්
යා හැකි ද එගොඩ වී.."
නිසඳැස් කවීන්ට ආවේණික අපූරුව පද සංඝට්ටන මෙකී පද්‍යයෙන් විශද වන අතරම සත්‍යය සොයා ගත හැකි වේද, නොවේ ද යන අවිනිශ්චිත හැඟීම ධ්වනිත කරයි. එතැනින් නොනවතින කවියා,
"පඬිහුලු අත්තෙන් දුන්නත් එළියක් කලා
මැදිරියෙක් මෙන් "
බුද්ධත්වය ප්‍රතිපාදනය උදෙසා යමෙකුගෙන් ලද ආලෝකයෙහි සුළු බව මෙයින් කියාපායි. එසේම ජීවිතය හැර දැමීම කී සැටි මනහරය. මෙය ව්‍යවහාරික පරිසරය ඇසුරින් සකස් කළ කාව්‍යෝක්තිය කි. එලෙසම තවත් ප්‍රබල කාව්‍යෝක්තියක් ගැබ් කරවාලන සිරි ගුණසිංහයන්,
"ගුලිව කුණු පනුවන් ගොඩක් සේ"
මෙය උපමාවක් ලෙස ද නම් කළ හැකිය. ජීවිතයේ ඇති අස්ථිරත්වය කියාපායි. මේ උපමාව ද නැවුම් සහ උචිත වූවකි. එසේම තත් උදෘතය ව්‍යහාරික පරිසරය ඇසුරින් නිර්මාණය කෙරුණු නවමු වූ කාව්‍යෝක්තිය කි.
" දෙපා බැඳ තිබූ මගේ ජීවිතේ දම්වැලක්.."
" බුද්ධියේ ඇල්වතුර ඉරක්.."
" ජීවිතේ හිස රැගෙන..."
" හදවතේ පුලිඟු ඇස්.."
උක්ත වැනුම්හි එන ජීවිතේ දම්වැල, ජීවිතේ හිස, බුද්ධියේ ඇල්වතුර, හදවතේ පුලිගු ඇස් යන රූපක කාව්‍ය අත්දැකීම හා සමවාය ලෙස බැදි නැවුම් සේ උචිත සංකල්ප රූපය. උපමා රූපක හා කාව්‍යෝක්ති භාවිතයෙන් නොනැවතෙන කවියා සංකේතාත්මක භාෂාවක් භාවිතයෙහි ලා උත්සුක වී ඇත. එය මෙසේය.
" අඳුර - සංසාරගත කටුක ජීවිතය, නේරංජනාව - කෙලෙස්වලින් පීඩිත ජීවිතය හා නිවන මාර්ගය අතර මායිම, සුදු සිනාව - ආධ්‍යාත්මික ජීවිතයෙහි ඇති පරමානන්දය"
ඉහත සේ සංකේතාත්මක බස් වහර ද භාවිත කළ කවියා ණ, ළ, ශ, ෂ යන අකුරු භාවිත නොකිරීමත්, බැඳි අකුරු ඉවත් කිරීමත් භාෂා භාවිතයෙහි කවියා විප්ලවීය මගක ගමන් කළ බවට කදිම නිදසුන්ය. "අවිද්‍යා" යන්න "අවිද් යා" ලෙසින්ද "දුක් පිරුණු" යන්න "දුක් පිරුනු" ලෙසද යොදා ඇති ආකාරය බැලීමේදී එකී භාෂා භාවිතය මනාව පිළිබිඹු වේ.
බෝසතාණන්ගේ මහාභිනිෂ්ක්‍රමණය පිළිබඳ ජීවිතය දෙස නවමු ඇසකින් බැලීමට ගත් උත්සාහයේදී කවියාගේ භාෂා භාවිතයෙහි ඇති දක්ෂතාවය මෙහි කාව්‍ය දෘෂ්ටිය මනා ලෙස පිළිබිඹු කරවාලන අතර සිරි ගුණසිංහ සූරීන්ගේ අබිනික්මන පැදිපෙළ සාර්ථක නිර්මාණයක් ලෙස අගය කළ හැකිය.
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය
කිරිඳිවැල)
Key words
උසස් පෙළ විචාර ලයිස්තුව
>> පන්සිය පනස් ජාතක කතා පොත විචාරය 01
>> කුකුළු හැවිල්ල රසාස්වාදය 01
>> ඉගිළෙන සිහින කාව්‍ය රසාස්වාදය 01
>> මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය 01
>> වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය 01
>> දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය 01
>> ආදරණීය පාසල සාහිත්‍ය රසාස්වාදය 01
>> සද්ධර්මාලංකාරය (අතෘප්තිකර ආශාවන් නිසා පරිහානියට පත්වීම)
>> සද්ධර්මාලංකාරය ( පුද්ගල ජීවිතය තුළ ඇති හොඳ සහ නරක)
>>නවකතාව යනු කුමක්ද හා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 01
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 01
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 03
>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 01
>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 02
>> කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 03
Comments